Hadith for the World

All hadiths

The complete card collection, filter by chapter

655 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.” තවත් වාර්තාකව ඔබ අතරින් කිසිවකු හෝ පාළු කාන්තාරයක තම සත්වයා සමග සිටියදී එකවර ඌ මත තිබුණු ඔහුගේ ආහාර හා ඔහුගේ පානය සමගම ඌ නැතිවිය. පසුව ඒ ගැන ඔහු බලාපොරොත්තු සුන් කර ගනිමින් ගසක් වෙත පැමිණ එහි හෙවණෙහි හාන්සි විය. ඔහුගේ සත්වයා පිළිබඳ බලාපොරොත්තු සුන්විය. එසේ සිටින අතරවාරයේ ඔහු ඉදිරියේ ඌ සිටගෙන සිටී. පසුව උගේ කඩිවාලමෙන් අල්ලාගෙන අත් වූ දැඩි සතුට හේතුවෙන් අහෝ අල්ලාහ්! ඔබ මාගේ ගැත්තාය මම ඔබේ පරමාධිපතිය යැයි පවසයි. එසේ ඔහු වැරදියට පවසා සිටියේ දැඩි සතුට හේතුවෙනි. එවැන්නෙකුට වඩා අල්ලාහ් තම ගැත්තකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටු වන්නේය.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”متفق عليه
සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ.متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්ව (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) අත්පත් කර ගන්නා තෙක්ම එතුමාණෝ රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිට නැමදුම් කරන්නට වූහ. එතුමාණන්ගෙන් පසුව එතුමාණන්ගේ බිරියන් ඉඃතිකාෆ් සිටියහ."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත."متفق عليه
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්‍රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා"متفق عليه
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. “පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”متفق عليه
ආඉෂා හා උම්මු සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අඹුව සමග ඇසුරු කිරීම හේතුවෙන් ජුනුබ් තත්ත්වයට පත් ව සිටිය දී එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වන්නට විය. පසු ව එතුමා ස්නානය කර උපවාසයේ නිරත වූහ.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කළ යුතුය. සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයනුයේ අල්ලාහ් ය.”متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න"متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී, “රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත." බුහාරි හි සඳහන් තවත් ප්‍රකාශයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත."متفق عليه
අබූ අල්-හව්රා අස්-සඃදී තුමා විසින් වාර්තා කරන ලදී. මම හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන්, 'ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දැ?'යි විමසා සිටියෙමි. හෙතෙම 'මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යැ'යි පවසා සිටියහ: “ඔබට සැක ඇති කරන දෑ, ඔබට ඒ ගැන සැක ඇති නොවන තෙක් අත්හැර දමන්න. සැබැවින්ම සත්‍යය සැනසුමකි. අසත්‍ය සැකය උපදවන්නකි."رواه الترمذي والنسائي وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන මෙසේ පැවසූහ:" "ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද යොදා ගන්න.رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්‍රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.رواه البخاري