Hadith for the World
Topic

ආගමික නීති හා එහි මූලධර්ම

288 hadiths

288 hadiths

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ‍ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «صلاة الرجل في جماعة تَضعُفُ على صلاته في بيته وفِي سُوقِه خمسا وعشرين ضِعفًا، وذلك: أَنَّه إِذَا تَوَضَّأ، فَأَحسَن الوُضُوء، ثمَّ خرج إلى المسجد لاَ يُخرِجُهُ إلاَّ الصلاة؛ لَم يَخْطُ خُطوَةً إِلاَّ رُفِعَت له بِها درجة، وَحُطَّ عَنهُ بها خطيئة، فإذا صلَّى لم تزل الملائكة تُصَلِّي عليه، ما دام في مُصَلاَّه: اللهُمَّ صَلِّ عليه، اللهم اغفِر له، اللهم ارْحَمه، ولا يزال في صلاة ما انتظر الصلاة».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් ඉබ්නු කාලිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය."متفق عليه
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ.متفق عليه
عن أبي شريح خويلد بن عمرو الخزاعي و أبي هريرة رضي الله عنهما عن رسول الله صلى الله عليه وسلم قال: «اللَّهُمَّ إِنِّي أُحَرِّجُ حَقَّ الضَعِيفَين: اليَتِيم والمَرْأَة».حديث أبي شريح رواه النسائي. وحديث أبي هريرة رواه ابن ماجه وأحمد
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.رواه أبو داود والنسائي وأحمد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුත්‍රයාගේ සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වූවකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නොහැසිරිය යුතුය. මහා හඬින් (නොමනා ලෙස) කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුගඳ අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි."متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.“ තවත් වාර්තාවක, “අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබීම, එය ණය හැර සෙසු සියලු දෑට ප්රතිකර්මයක් වනු ඇත.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්‍රතිකර්ම වනු ඇත."رواه مسلم
عن أبي هريرة رضي الله عنه : أن رجلًا أتى النبي صلى الله عليه وسلم يَتَقَاضَاهُ فَأغْلَظَ له، فَهَمَّ به أصحابه، فقال رسول الله صلى الله عليه وسلم : «دَعُوه، فإن لِصَاحب الحَقِّ مَقَالا» ثم قال: «أعْطُوهُ سِنًّا مِثْل سِنِّهِ» قالوا: يا رسول الله، لا نَجِدُ إلا أمْثَلَ مِنْ سِنِّهِ، قال: «أعْطُوه، فإن خَيْرَكم أحْسَنُكُم قَضَاء».متفق عليه
ෂුරෙය්හි ඉබ්නු හානී තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය.رواه مسلم
නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
عن أبي مسعود البدري رضي الله عنه قَال: قَالَ رَسُولُ اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم-: «حُوسِب رجُل ممن كان قَبْلَكُمْ، فلم يُوجد له من الخَيْر شيء، إلا أنه كان يُخَالط الناس وكان مُوسِراً، وكان يأمُر غِلْمَانَه أن يَتَجَاوَزُوا عن المُعْسِر، قال الله عز وجل : نحن أحَقُّ بذلك منه؛ تَجَاوزُوا عنه».رواه مسلم
මඃදාන් ඉබ්නු අබී තල්හා අල්-යඃමරී විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ සව්බාන් තුමාව මුණ ගැසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ක්‍රියාවක් මට දන්වා සිටින්නැ'යි පවසා සිටියෙමි. 'එසේ නැතහොත් අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව මට දන්වා සිටින්නැයි' මම පවසා සිටියෙමි. එවිට එතුමා නිහඬව සිටියේය. පසුව නැවතත් ඒ ගැන විමසුවෙමි. එවිට ද හෙතෙම නිහඬව සිටියේය. පසුව තුන්වන වරටත් මම විමසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි.' එනම්: “ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. ‌හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත." මඃදාන් තුමා මෙසේ පැවසීය: මම අබූ දර්දා තුමාව ද මුණ ගැසී ඒ ගැන විමසා සිටියෙමි. එවිට එතුමා ද සව්බාන් තුමා මට පවසා සිටි දෑම මට පවසා සිටියේය.رواه مسلم
عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إذا قَام أحَدُكُم من الليل، فَاسْتَعْجَمَ القرآن على لِسَانه، فلم يَدْرِ ما يقول، فَلْيَضْطَجِع».رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසයේ නිරත වූවෝ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත. උපවාසයේ නිරත වූවෝ කොහේදැයි? විමසනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිති. ඔවුන් හැර වෙනත් කිසිවකු ඉන් පිවිසෙන්නේ නැත. එසේ ඔවුන් එහි ඇතුළු වූ පසු එය වසා දමනු ලැබේ. පසුව කිසිවකු හෝ ඉන් පිවිසෙන්නේ නැත."متفق عليه
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ."رواه مسلم
عن ابن مسعود رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لا حَسَدَ إلا في اثنتين: رجل آتاه الله مالا، فسَلَّطَه على هَلَكَتِهِ في الحَقِّ، ورجل آتاه الله حِكْمَة، فهو يقضي بها ويُعَلِّمَها». وعن ابن عمر رضي الله عنهما ، عن النبي صلى الله عليه وسلم قال: «لا حسد إلا في اثنتين: رجل آتاه الله القرآن، فهو يقوم به آناء الليل وآناء النهار، ورجل آتاه الله مالا، فهو ينفقه آناء الليل وآناء النهار».حديث ابن مسعود رضي الله عنه: متفق عليه. حديث ابن عمر رضي الله عنه: متفق عليه
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරුණු දූවිලි හා නිරයේ දුම එකට එකතු නොවෙයි.))ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සුබෙයිර් ඉබ්නුල් අව්වාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, ඔහු ළණුවක් රැගෙන ඉන් දරමිටියක් ගසා ඔහුගේ කර මතින් එය ගෙනැවිත් විකුණා දමයි. එමගින් අල්ලාහ් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරයි. එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට දීම හෝ ඔහුට දීමෙන් වැළකීමට වඩා ඔහුට උතුම් වන්නේය."رواه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි."رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කුහුඹුවා සපා කෑමෙන් ඇතිවන වේදනාව මෙන් මිස ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නකු මරණයේ වේදනාව අත් නොවිඳිනු ඇත.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
عن أبي هريرة رضي الله عنه قال: قيل: يا رسول الله، ما يعدل الجهاد في سبيل الله؟ قال: «لا تستطيعونه» فأعادوا عليه مرتين أو ثلاثًا كل ذلك يقول: «لا تستطيعونه»! ثم قال: «مثل المجاهد في سبيل الله كمثل الصائم القائم القانت بآيات الله لا يَفْتُرُ من صيام، ولا صلاة، حتى يرجع المجاهد في سبيل الله». وفي رواية البخاري: أن رجلاً قال: يا رسول الله، دلني على عمل يعْدِلُ الجهاد؟ قال: «لا أجده» ثم قال: «هل تستطيع إذا خرج المجاهد أن تدخل مسجدك فتقوم ولا تفتر، وتصوم ولا تفطر»؟ فقال: «ومن يستطيع ذلك؟!»متفق عليه، والرواية الثانية للبخاري