Hadith for the World
Topic

ආගමික නීති හා එහි මූලධර්ම

288 hadiths

288 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පැවසූහ. "ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ලබන තවත් කරුණක් ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.رواه مسلم
අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ණයකාරයෙකු සොයමින් සිටියේය. ඔහු එතුමාගෙන් සැඟවී සිටි අතර පසුව ඔහු හමු වූහ. එවිට ඔහු: මම ආර්ථික අපහසුකමින් පෙළෙමි යැයි පැවසීය. එවිට එතුමා: අල්ලාහ් මත දිවුරන්නෙහි ද යැයි විමසුහ: ඔහු 'අල්ලාහ් මත දිවුරමි.' යැයි කීය. "මක්නිසාද, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි" යැයි මෙසේ ප්‍රකාශ කළේය. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”متفق عليه
وعن سالم بن عبد الله بن عمر بن الخطاب رضي الله عنهم عن أبيه: أن رسول الله صلى الله عليه وسلم قال: « نِعْمَ الرَّجُلُ عبد الله، لو كان يُصلِّي من الليل» قال سالم: فكان عبد الله بعد ذلك لا يَنامُ من الليل إلا قليلًا.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”متفق عليه
සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ.متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්ව (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) අත්පත් කර ගන්නා තෙක්ම එතුමාණෝ රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිට නැමදුම් කරන්නට වූහ. එතුමාණන්ගෙන් පසුව එතුමාණන්ගේ බිරියන් ඉඃතිකාෆ් සිටියහ."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත."متفق عليه
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්‍රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා"متفق عليه
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. “පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”متفق عليه
ආඉෂා හා උම්මු සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අඹුව සමග ඇසුරු කිරීම හේතුවෙන් ජුනුබ් තත්ත්වයට පත් ව සිටිය දී එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වන්නට විය. පසු ව එතුමා ස්නානය කර උපවාසයේ නිරත වූහ.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කළ යුතුය. සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයනුයේ අල්ලාහ් ය.”متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න"متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී, “රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”متفق عليه
අබූ අල්-හව්රා අස්-සඃදී තුමා විසින් වාර්තා කරන ලදී. මම හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන්, 'ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දැ?'යි විමසා සිටියෙමි. හෙතෙම 'මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යැ'යි පවසා සිටියහ: “ඔබට සැක ඇති කරන දෑ, ඔබට ඒ ගැන සැක ඇති නොවන තෙක් අත්හැර දමන්න. සැබැවින්ම සත්‍යය සැනසුමකි. අසත්‍ය සැකය උපදවන්නකි."رواه الترمذي والنسائي وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن أبي ذر رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم :«عُرِضَتْ عَلَيَّ أعمالُ أُمتي، حَسَنُهَا وسَيِّئُهَا فَوَجَدتُ في مَحَاسِنِ أَعْمَالِهَا الأَذَى يُمَاطُ عَنِ الطَّرِيقِ، ووَجَدتُ في مَسَاوِئِ أَعْمَالِهَا النُّخَاعَةُ تَكُونُ في المَسْجِدِ لا تُدْفَنُ».رواه مسلم