Hadith for the World

All hadiths

The complete card collection, filter by chapter

655 hadiths

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා නින්දට යන අවස්ථාවේ නුඹලාගේ නිවෙස් තුළ දැල්වෙන ගින්දර අත්හැර නොදමනු.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බිරියක වූ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියක වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී. “කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“رواه مسلم
සුළඟ තදින් හමන විට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා (පහත සඳහන් අයුරින්) ප්රාර්ථනා කරන්නෙකු වූහැයි ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කය්රහා වකය්ර මා ෆීහා වකය්ර මා උර්සිලත් බිහි, වඅඌදු බික මින් ෂර්රිහා වෂර්රි මා ෆීහා වෂර්රි මා උර්සිලත් බිහි. තේරුම: අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ කතාදා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ව්යාපාරයේ අධික වශයෙන් දිවුරා සිටීමෙන් මම නුඹලාට අවවාද කරමි. නියත වශයෙන්ම එය අඩු කර දමයි. පසුව විනාශ කර දමයි.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”رواه أبو داود وأحمد
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හජ් අවුරුදු හෝ නෝම්බි අවුරුදු දිනක සලාත් ඉටු කරන ස්ථානය වෙත පිටත්ව ගියේය. පසුව එතුමා කාන්තාවන් අසළින් ගමන් ගත්තේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.متفق عليه
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට 'බයිඅත්' දිවුරුම් දී සිටියහ: “(ඔසප් තත්වයෙන්) පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.”رواه أبو داود بهذا اللفظ ورواه البخاري بدون زيادة (بعد الطهر)
عن حذيفة رضي الله عنه مرفوعًا: «فُضِّلْنَا على الناس بِثَلاث: جُعِلَت صُفُوفَنا كصفُوف الملائِكة، وجُعلت لنَا الأرض كُلُّها مسجدا، وجُعلت تُرْبَتُهَا لنا طَهُورا، إذا لم نَجِد الماء. وذَكر خِصْلَة أُخرى».رواه مسلم
සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ඔහු: “මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු “මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා සිටි බව ප්‍රකාශ කර සිටියහ: “ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «إذا أَحَبَّ اللهُ تعالى العَبْدَ، نَادَى جِبْرِيلَ: إنَّ اللهَ تعالى يُحِبُّ فلاناً، فَأَحْبِبْهُ، فَيُحِبُّهُ جِبْرِيلُ، فَيُنَادِي في أَهْلِ السَّمَاءِ: إنَّ اللهَ يحِبُّ فلاناً، فَأَحِبُّوهُ، فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ، ثُمَّ يُوضَعُ لَهُ القَبُولُ في الأرضِ». وفي رواية: قال رسول الله صلى الله عليه وسلم : «إنَّ اللهَ تعالى إذا أَحَبَّ عَبْدًا دَعَا جِبْرِيلَ، فقال: إني أُحِبُّ فلاناً فَأَحْبِبْهُ، فَيُحِبُّهُ جِبْرِيلُ، ثم ينادي في السَّمَاءِ، فيقول: إنَّ اللهَ يُحِبُّ فلاناً فَأَحِبُّوهُ، فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ، ثُمَّ يُوضَعُ له القَبُولُ في الأرضِ، وإذا أَبْغَضَ عَبْدًا دَعَا جِبْرِيلَ، فيقول: إني أُبْغِضُ فلاناً فَأَبْغِضْهُ. فَيُبْغِضُهُ جِبْرِيلُ، ثُمَّ ينادي في أَهْلِ السَّمَاءِ: إنَّ اللهَ يُبْغِضُ فلاناً فَأَبْغِضُوهُ، ثُمَّ تُوضَعُ له البَغْضَاءُ في الأرضِ».متفق عليه. الرواية الأولى لفظ البخاري، والثانية لفظ مسلم
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «بينما رجلٌ يمشي بطريقٍ اشتَدَّ عليه العَطَشُ، فوَجَدَ بِئْرًا فنزل فيها فَشَرِبَ، ثم خَرَجَ فإذا كَلْبٌ يَلْهَثُ يأكل الثَّرَى مِنَ العَطَشِ، فقال الرجلُ: لقد بَلَغَ هذا الكَلْبَ مِنَ العَطَشِ مِثْلَ الذِي كان قَدْ بَلَغَ مِنِّي، فنَزَلَ البِئْرَ، فَمَلَأَ خُفَّهُ ماءً ثم أَمْسَكَهُ بِفِيهِ حَتَّى رَقِيَ، فَسَقَى الكَلْبَ، فشَكَرَ اللهُ له، فَغَفَرَ لهُ» قالوا: يا رسول الله، إنَّ لَنَا في البَهَائِمِ أَجْرًا؟ فقال: «في كُلِّ كَبِدٍ رَطْبَةٍ أَجْرٌ». وفي رواية: «فشَكَرَ اللهُ له، فغَفَرَ له، فَأَدْخَلَهُ الجَنَّةَ». وفي رواية: «بَيْنَمَا كَلْبٌ يُطِيفُ بِرَكْيَةٍ قد كَادَ يَقْتُلُهُ العَطَشُ إذ رَأَتْهُ بَغِيٌّ مِنْ بَغَايَا بَنِي إِسْرَائِيلَ، فَنَزَعَتْ مُوقَهَا فَاسْتَقَتْ له بهِ فَسَقَتْهُ فَغُفِرَ لها بِهِ».الرواية الأولى: متفق عليها. الرواية الثانية: رواها البخاري. الرواية الثالثة: متفق عليها
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”متفق عليه
عن أبي بكرة -ضي الله عنه- مرفوعاً: «إِنَّ الزمانَ قَدِ اسْتَدَارَ كَهَيْئَتِهِ يَوْمَ خَلَقَ اللهُ السَّمَاوَاتِ والأَرْضَ: السنةُ اثنا عَشَرَ شَهْرًا، منها أربعةٌ حُرُمٌ: ثلاثٌ مُتَوَالِيَاتٌ: ذُو القَعْدَةِ، وذُو الحَجَّةِ، والمحرمُ، ورَجَبُ مُضَرَ الذي بين جُمَادَى وشَعْبَانَ، أَيُّ شَهْرٍ هَذَا؟» قلنا: اللهُ ورسولُهُ أَعْلَمُ، فسكتَ حتى ظننا أنه سَيُسَمِّيهِ بغير اسمه، قال: «أَلَيْسَ ذَا الحَجَّةِ؟» قُلْنَا: بَلَى. قال: «فأَيُّ بَلَدٍ هَذَا؟» قلنا: اللهُ ورسولُهُ أَعْلَمُ، فسكتَ حتى ظننا أنه سُيَسَمِّيهِ بغير اسمه. قال: «أَلَيْسَ البَلْدَةَ؟» قلنا: بلى. قال: «فأَيُّ يَوْمٍ هَذَا؟» قُلْنَا: اللهُ ورسولُهُ أَعْلَمُ، فسكتَ حتى ظَنَنَّا أنه سيسميه بغير اسمه. قال: «أَلَيْسَ يَوْمَ النَّحْرِ؟» قلنا: بَلَى. قال: «فَإِّنَّ دِمَاءَكُمْ وأَمْوَالَكُمْ وأَعْرَاضَكُمْ عَلَيْكُمْ حَرَامٌ، كَحُرْمَةِ يَوْمِكُمْ هَذَا في بَلَدِكُمْ هَذَا فِي شَهْرِكُمْ هَذَا، وَسَتَلْقَونَ رَبَّكُمْ فَيَسْأَلُكُمْ عَنْ أَعْمَالِكُمْ، أَلَا فَلَا تَرْجِعُوا بَعْدِي كُفَّارًا يَضْرِبُ بَعْضُكُم رِقَابَ بَعْضٍ، أَلَا لِيُبَلِّغِ الشَّاهِدُ الغَائِبَ، فَلَعَلَّ بَعْضَ مَنْ يَبْلُغُهُ أَنْ يكونَ أَوْعَى لَهُ مِنْ بَعْضِ مَنْ سَمِعَهُ»، ثُمَّ قال: «أَلَا هَلْ بَلَّغْتُ، أَلَا هَلْ بَلَّغْتُ؟» قلنا: نعم. قال: «اللَّهُمَّ اشْهَدْ».متفق عليه
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.“තවත් වාර්තාවක, “නියත වශයෙන්ම (කළ) යහපතකට මුඃමින්වරයකුට අල්ලාහ් අසාධාරණයක් නොකරනු ඇත. ඒ සඳහා මෙලොවෙහි පිරිනමනු ලැබේ. මතුලොවෙහි ද ප්රතිඵල දෙනු ලැබේ. නමුත් දේව ප්රතික්ෂේපිත කාෆිර්වරයා වනාහි, අල්ලාහ් වෙනුවෙන් සිදු නොකළ යහපත් දෑ සඳහා මතුලොවට ඔහු සේන්දු වන තුරු මෙලොවෙහි පෝෂණය දෙනු ලැබේ. නමුත් ඔහු කළ කිසිදු යහපතකට එමගින් ප්රතිඵල දෙනු නොලබනු ඇත.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රමළාන් (මාසය) පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට, දහතුන, දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.“ කතාදා ඉබ්නු මිල්හාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. දහතුන, දහහතර හා පහළොව යන අය්යාමුල් බීල් (හෙවත් චන්ද්රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති දිනයන්හි) උපවාසයේ නිරත වීමට අපට අණ කරන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් සිටියහ. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී. පදිංචි ස්ථානයේ සිටිය දී හෝ ගමනක නිරතව සිටිය දී හෝ අය්යාමුල් බීල් දිනයන්හි උපවාසයෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සලාතය සඳහා ඇරයුම් කරනු ලබන විට ෂෙය්තාන් පසුපස හැරී පළා දුවනු ඇත. අදාන් පැවසීම තමන්ට නොඇසෙන තරමට වාතය පිටකරයි. ඇරයුම අවසන් කරනු ලැබූ විට ඉදිරියට එයි. සලාතයේ කුතුහලය ඇති කරන තරමට පැමිණ පසුපසට පළා යයි. එසේ කුතුහලය ඇතිකිරීම අවසන් වූ විට නැවත ඉදිරියට පැමිණ මිනිසා හා ඔහුගේ සිත අතර වැරදි ඇති කරමින් "මීට පෙර නොසිතූ දෑ ගැන ඔබ මෙසේ සිතන්න මෙසේ සිතන්න." යැයි පවසයි. අවසානයේ මිනිසා සලාතයේ කෙතරම් රකආත් ගණනයක් ඉටු කළේ දැයි නොදන්නා තරමට පත් වෙයි.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن أنس رضي الله عنه : أن النبيَّ صلى الله عليه وسلم جاءَ إلى سعد بنِ عبادة رضي الله عنه فَجَاءَ بِخُبْزٍ وَزَيْتٍ، فأكلَ، ثم قال النبيُّ صلى الله عليه وسلم : «أفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ؛ وَأكَلَ طَعَامَكُمُ الأَبرَارُ، وَصَلَّتْ عَلَيْكُمُ المَلاَئِكَةُ».رواه أبو داود وابن ماجه وأحمد والدارمي
عن معاذة العدوية: أنها سألتْ عائشةَ رضي الله عنها : أكانَ رسولُ اللهِ صلى الله عليه وسلم يَصُومُ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثة أيَّامٍ؟ قالتَ: نعم. فقلتُ: مِنْ أيِّ الشَّهْرِ كَانَ يَصُوم؟ قالتَ: لَمْ يَكُنْ يُبَالِي مِنْ أيِّ الشَّهْرِ يَصُومُ.رواه مسلم
අබූ සඊද් රාෆිඃ ඉබ්නු අල් මුඃලී-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මට මෙසේ පවසා සිටියහ. “ඔබ මස්ජිදයෙන් පිටව යන්නට මත්තෙන් අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවෙම්ද?“ පසුව මාගේ අත අල්ලා ගත්තේය. අපි පිටව යන්නට සිතූ කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අල් කුර්ආනයේ ඇති අති මහත් සූරාව සැබැවින්ම මම ඔබට කියා දෙන්නදැ?යි ඔබ පැවසුවෙහිය“ යැයි ඇසුවෙමි. එතුමා: අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් වේ. එය සබඃ මසානී හෙවත් නැවත නැවතත් කියවෙන වැකි හතකින් සමන්විත වූවකි. එමෙන්ම එය මට පිරිනමනු ලැබූ අති මහත් කුර්ආනය වේ. යැයි පැවසුහ.ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය."متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටි බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රාත්රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. එනම්: කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත