Hadith for the World
Topic

ප්රතිපත්තිය

135 hadiths

135 hadiths

عن أبي هريرة رضي الله عنه مرفوعًا: «إِنَّ الله تَعَالى يَقُول يَوْمَ القِيَامَة: أَيْنَ المُتَحَابُّونَ بِجَلاَلِي؟ اليَوم أُظِلُّهُم فِي ظِلِّي يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلِّي».رواه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.رواه أحمد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා: දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න."رواه البخاري
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ මැදිහත් වීම ලබන්නට වඩාත් භාග්‍යවන්තයා කවුරුන්දැයි විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අහෝ අබූ හුරෙයිරා, මෙම හදීසය කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව මම දකින බැවින් ඒ ගැන ඔබට පෙර මගෙන් කිසිවකු විමසා නැතැයි මම සිතමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්තයා වනුයේ තම හදවතින් හා සිතින් අවංකවම 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසන්නාය."رواه البخاري
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අශුභවාදය තම අවශ්යතාවන් ඉටු කර ගැනීමෙන් කවරෙකු වළක්වාලන්නේ ද සැබැවින්ම ඔහු ආදේශ තැබීය. ඒ සඳහා ප්රතිකර්මය කුමක් දැ?යි ඔවුහු විමසූහ. එතුමා: ‘අල්ලාහුම්ම ලා හයිර ඉල්ලා හයිරක වලා තයිර ඉල්ලා තයිරක වලා ඉලාහ ගයිරක’ යැයි පැවසීමයි. (අහෝ දෙවිඳුනි! ඔබේ යහපත හැරෙන්නට වෙනත් යහපතක් නැත. ඔබේ අශුභවාදය හැරෙන්නට වෙනත් අශුභවාදයක් නොමැත. ඔබ හැර වෙනත් දෙවියෙකු නැත.)”අහ්මද් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක් ප්‍රකාශයක් පැවසූහ. තවත් කරුණක් මම ද පැවසුවෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‌මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.” එවිට මම මෙසේ පැවසුවෙමි: "කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය."متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «صلاة الرجل في جماعة تَضعُفُ على صلاته في بيته وفِي سُوقِه خمسا وعشرين ضِعفًا، وذلك: أَنَّه إِذَا تَوَضَّأ، فَأَحسَن الوُضُوء، ثمَّ خرج إلى المسجد لاَ يُخرِجُهُ إلاَّ الصلاة؛ لَم يَخْطُ خُطوَةً إِلاَّ رُفِعَت له بِها درجة، وَحُطَّ عَنهُ بها خطيئة، فإذا صلَّى لم تزل الملائكة تُصَلِّي عليه، ما دام في مُصَلاَّه: اللهُمَّ صَلِّ عليه، اللهم اغفِر له، اللهم ارْحَمه، ولا يزال في صلاة ما انتظر الصلاة».متفق عليه
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (සතුරා තුළ මා ගැන) බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. එබැවින් මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා සලාතයේ වේලාව ළඟා වූ විට ඔහු සලාතය ඉටු කළ යුතුයි. සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්‍රජාවට පමණක් සුවිශේෂී වූ අතර මම මුළු මිනිස් සංහතියටම පොදුවේ එවන ලද්දෙමි.”متفق عليه
عن معاذ بن جبل رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم أنه قال: «قَالَ اللهُ -عَزَّ وجَلَّ-: المُتَحَابُّون فِي جَلاَلِي، لَهُم مَنَابِرُ مِن نُورٍ يَغْبِطُهُم النَبِيُّونَ والشُهَدَاء».رواه الترمذي وأحمد
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි."ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි. එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම් ඊට වඩා යහපත් ලෙස මම ඔහු ගැන පිරිසක් මධ්‍යයේ මෙනෙහි කරමි. මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි. ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි”متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය. අවසන් හෝරාව හට ගන්නේ ජුමුආ දිනක ය“رواه مسلم
عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «كان داود -عليه السلام- لا يأكلُ إلا من عمل يده». وعن المقدام بن معد يكرب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «ما أكل أحد طعاما قط خيرا من أن يأكل من عمل يده، وإن نبي الله داود صلى الله عليه وسلم كان يأكل من عمل يده».حديث أبي هريرة رضي الله عنه: رواه البخاري. حديث المقداد رضي الله عنه: رواه البخاري
ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.“කවරෙකුට දැඩි අවශ්යතාවක් ඇති වී, ඔහු මිනිසුන්ගෙන් එය ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ අවශ්යතාව සපුරනු ලබන්නේ නැත. කවරෙකු එය අල්ලාහ් වෙතින් ඉල්ලා සිටින්නේ ද මතුලොවෙහි හෝ මෙලොවෙහි හෝ පෝෂණය අල්ලාහ් ඔහුට ළඟා කර දෙයි.“ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”رواه الترمذي وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."رواه ابن ماجه والبيهقي وغيرهما
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි.” තවත් වාර්තාවක “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් සතුව කරුණා ගුණ සියයක් ඇත. ඒවායින් එක් කොටසක් ජින්නුන්, මිනිසුන්, සතුන් හා කෘමීන් අතරට පහළ කළේය. එමගින් ඔවුහු එකිනෙකා සෙනෙහෙකම් පාති. එමගින් ඔවුන් එකිනෙකා ආදරය කරති. මෘග සතුන් තම පැටවා මත සෙනෙසහ පාන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ තම ගැත්තන්හට එමගින් කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවයක් අල්ලාහ් ප්රමාද කර ඇත.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම කරුණා ගුණ සියයක් අල්ලාහ් සතුව ඇත. ඒවායින් එක් කරුණා ගුණයක් ඇත. මැවීම් ඔවුන් අතර එකිනෙකා ආදරය කරනුයේ එමගිනි. තවත් අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය දක්වා රඳවාගෙන ඇත.” තවත් වාර්තාවක: “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දිනයේ කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස් අතර පොළොව දක්වා ආවරණය වී ඇත. ඒවායෙන් එක් කරුණා ගුණයක් මහපොළොවට පත් කළේය. මව තම දරුවාට පෙන්වන සෙනෙහසත් මෘග සත්වයා හා පක්ෂීන් උන් එකිනෙකාට පෙන්වන සෙනෙහසත් එමගින් වූවකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වූ විට එය මෙම කරුණා ගුණ තුළින් සම්පූර්ණ කරනු ඇත.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”رواه مسلم
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ගැන වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියහ: “මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙන්නෙමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසන්නෙමි. සැබැවින්ම නුඹලා රාත්‍රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්‍රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ වඩාත් ධාර්මික හදවත තරම් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්‍යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්‍යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්‍රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”رواه مسلم
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිනක් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් වාඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමාණෝ මා අමතා: “දරුව! සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්න. ඔහු ඔබ ව ආරක්ෂා කරනු ඇත. ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්ක. ඔබ ඉදිරියේම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලාහ්ගෙන්ම ඉල්ලන්න. ඔබ උදව් පතන විට අල්ලාහ්ගෙන්ම උදව් පතන්න. දැනගන්න, සැබැවින්ම මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හානියක් කිරීම ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතට ගනු ලැබීය. පිටපත් වියලී ගියේය.”رواه الترمذي
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘මා ප්‍රතික්ෂේප කළ අය හැර, මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්‍රතික්ෂේප කරන්නේ කවුරුන්දැ?’යි ඔවුහු විමසා සිටියෝය. එතුමා, 'කවරෙකු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවුරුන් මට පිටුපෑවේ ද ඔහු ප්‍රතික්ෂේප කළේය.’යැයි කීහගرواه البخاري