SI
Topic
මහිමයන් සහ ආචාරධර්ම
288 hadiths
මහිමයන්
64
සදාචාරයේ නීති විද්‍යාව
56
ආගමික විනය
67
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්‍යාව
62
මාර්ගෝපදේශ හා උපදෙස්
63
288 hadiths
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්‍රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."
رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
رواه البخاري
සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි දෑට සවන් තුන් බව පවසමින් උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
رواه الترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ: "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන පවසා සිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසා සිටියි: “ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’ යැයි පවසයි. එවිට උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ඔහු නැවතත් පාපය සිදු කර, 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි' යැයි පවසයි. ඔහු නැවතත් පාපය සිදු කර 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්, ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. ඔබ කැමති දෑ සිදු කරන්න. සැබැවින්ම මම ඔබට සමාව දෙමි' යැයි පවසයි.
متفق عليه
عن أبي أمامة رضي الله عنه أن النبي صلى الله عليه وسلم كَانَ إذا رَفَعَ مَائِدَتَهُ، قال: «الحَمْدُ للهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، غَيْرَ مَكْفِيٍّ، وَلَا مُوَدَّعٍ، وَلَا مُسْتَغْنًى عَنْهُ رَبَّنَا».
رواه البخاري
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජරීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”
رواه مسلم
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්‍රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්‍රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් විය. එවිට මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි. වස්ත්‍රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන් කැපී පෙනන්නක් විය. පසුව ඔහු, අහෝ මුහම්මද්! ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් මට (යමක් පිරිනමන මෙන්) අණ කරනු. යැයි පවසා සිටියේය. එතුමා ඔහු දෙස හැරී බලා සිනහ සී පසුව, ඔහුට යම් පිරිනැමීමක් කරන මෙන් නියෝග කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එමෙන්ම එතුමා එයට පිළිකුල් කළේ නම් එය අතහැර දැමූහ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ.
متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි."
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පැවසූහ. ‘මා පවසන දෑ මාගේ සහෝදරයා තුළ වී නම් ඔබේ අදහස කුමක්දැ?’යි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: ඔබ පවසන දෑ ඔහු තුළ තිබෙන්නේ නම්, සැබැවින්ම ඔබ ඔහු ගැන කෙළම් කියා ඇත්තෙහිය. එය නොවී නම් සැබැවින්ම ඔබ ඔහු ගැන අවලාදයක් නගා ඇත්තෙහිය.”
رواه مسلم
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය." ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙයද මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අන්ධකාරය (අපාරාධය) ගැන දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය. එමෙන්ම මසුරුකම ගැන ද ඔබ දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම එය නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා හඃව්ලා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දාය. “සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”
رواه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය. ඔබ රහස්‍ය දෑට සවන් නො දෙන්න. විපරම් නො කරන්න. එකිනෙකාට ඊර්ෂ්‍යා නො කරන්න. එකිනෙකාට පිටුපාමින් කටයුතු නො කරන්න. එකිනෙකාට ක්‍රෝධයෙන් කටයුතු නො කරන්න. ඔබ සැම අල්ලාග්ගේ ගැත්තන් ලෙස සහෝදරයින් සේ සිටින්න"
متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”
متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((නුඹලා තිදෙනෙකු වී නම්, නුඹලා ජනයා සමග මුසු වන තෙක් කෙනෙකු අතහැර දමා දෙදෙනා පමණක් රහස් සාකච්ඡාවේ නිරත නොවිය යුතුයි. හේතුව එය ඔහු දුකට පත් කරවන බැවිනි.))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබට වඩා පහළ තත්ත්වයේ පසු වන ජනතාව දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඔබට වඩා ඉහළ තත්ත්වයේ සිටින ජනතාව වෙත අවධානය යොමු නොකරන්න. අල්ලාහ්ගෙන් ඔබට දෙන ලද ආශීර්වාද පිළිබඳ ව ඒවා අල්ප ලෙස ඔබ නොසැලකීමට මෙය කදිම ක්‍රමය වේ.”
متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාවෙහි නිරත වන්නෝය.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
මට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ අල්ප ලෙස නොසිතන්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද.”
رواه مسلم
Previous page
Page 5 of 12
Next page